කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමු වීම හේතුවෙන් මේ වන විට සංචරණ සීමා පනවා ඇති අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් දෙක තුල ජිවත් වන ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.
අකුරණ ග්‍රාම නිලධාරි වසම් දෙකකට සංචරණ සීමා පැනවීමෙන් පසුව මාධ්‍ය වත අදහස් දක්වූ ඒ මහතා තවදුරටත් සඳහන් කළේ, සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශය තුල පිහිටා ඇති වෙළඳසැල් විවෘතව තැබීමට තීරණය කර ඇති බැවින් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකි බවයි. කෙසේ නමුත් එම ප්‍රදේශය තුල පිහිටි වෙළඳසැල්වල භාණ්ඩ හිඟයක් ඇති වුවහොත් අකුරණ වෙළඳ සංගමය මගින් අවශ්‍ය භාණ්ඩ තොග ලබා දීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කීය.
අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ් කොට්ඨාසය කොවිඩ් උවදුරින් මුදවා ගැනීම සඳහා ජනතාවගේ සහාය අත්‍යාවශ්‍ය බැවින් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම සෙසු ජනතාවත් සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසයි. සීමා පනවා ඇති ප්‍රදේශය තුල ජිවත් වන ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරා දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ප්‍රාදේශිය ලේකම් අබේසිංහ මහත්මිය සඳහන් කළාය.
මොහොමඩ් ආසික්