අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොවිඩ් ආසාධිතයන් 39 දෙනෙකු වාර්තා වාර්තාවීමත් සමඟ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෙලඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ .
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඉතා කෙටි කලක් තුළදී කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එසේ එම ගම්මාන වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ .
මේ අතර අම්පිටිය සෙමනේරිය හා හල්ලොලුව ප්‍රදේශවලින් තවත් කොවිඩ් වෛරස් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇති අතර ඉන් එක් ආසාදිතයකු මහනුවර මධ්‍යම වෙළඳපොලේ එළවළු වෙළෙඳ පොළේ වෙළඳාමේ යෙදුණ අයෙකු වූ බැවින් අද (24) එම වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ .
මහයියාව නගරසභා ගම්මානයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එම ගම්මානයේ පි.සි.ආර්. පරීක්ෂණ 91 ක් සිදු කිරීමට බලධාරීන් පියවර ගත් අතර ඉන් තුන් දෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ .
ෂේන් සෙනෙවිරත්න