අක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ප්රදේශයේ පාරිභෝගික ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් සහනදායි මිළකට වියළි ආහාර පාර්සලයක් බෙදා දිමේ වැඩසටහනක් අද (23දා) දින ආරම්භ කරනු ලැබීය.
මෙකී වැඩසටහන හෙට (24දා) දිනය තුළද ක්රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව අක්මිමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති තුසිත් ඔඹරැන්ද ලියනගේ මහතා පවසයි.
රුපියල් 600ක් වටිනා වියලි අහාර පාර්සලයක් රුපියල් 500ක මුදලකට පාරිභෝගිකයින් වෙත නිවෙස්වලටම ගොස් බෙදාදිමට කටයුතු කරණු ලැබිය. මෙකි වියලි අහාර පාර්සලයේ හාල් කිලෝ 02ක්, සැමන්ටින් 01ක්, පරිප්පු ග්රැම් 500ක්, හාල්මැස්සන් ග්රැම් 250ක් හා සොයාමිට් ග්රැම් 250ක් අඩංගු බවද අක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය පවසයි.