Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් දෙදරු පියෙකු අද (04) දහවල් මියගොස් ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ දරුවකු මෙම පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අතර දරුවා අසනිප විම නිසා රැගෙන යාම සදහා ඔහු පාසලට පැමිණ තිබේ.
ඔහු යුද හමුදා සෙබලගේ අණ නොතකා පාසලේ පළමු ගෙට්ටුව විවෘත කරගෙන පාසලට ඇතුල් වි ඇත. එම අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි යුධ හමුදා සෙබලා විසින් පාසල ඇතුලතට නොඑන ලෙස ඔහුට දන්වා තිබේ. මෙහිදි දෙදෙනා අතර බිහින්බස්විමක් ඇතිවි තිබේ.
එහෙත් යුද හමුදා සෙබලාගේ අණ නොතකා මොහු පාසලේ දෙවැනි ගෙට්ටුවද විවරකරගෙන පාසලට ඇතුලත් වි ඇති අතර එම අවස්ථාවේ දි යුධ හමුදා සෙබලා විසින් වෙඩි තබා ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
මෙසේ වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ කළුතන්ත්‍රිගේ ප්‍රදිප් උදයකුමාර (31) නැමති පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු නාවික හමුදාවේ තුර්යවාදක කණ්ඩායමේ හිටපු සමාජිකයකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබු මොහු පළමුව ත්‍රිරෝද රථයකින් ටික දුරක් රැගෙන ගොස් ඉන්පසු ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. ඔහු රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මෙකි සිද්ධියත් සමග පාසල් දරුවන් රැගෙන යාමට මානවිල උපනන්ද ජාතික පාසලට පැමිණ දෙමවුපියන් අතර දැඩි නොසන්සුන්කාරි තත්වයක්ද ඇති විය. පාසල් දරුවන්ද භිතියෙන් ඇළලිගොස් තිබුණි.
"මම මොහු ත්‍රිරෝද රථයේ දමාගෙන කරාපිටිය රෝහලට අරගෙන යනවිට 1990ට දුරකථන ඇමතුමක් දුන්නා ඊට පස්සේ ගිලන් රථය ආවා . අත පය තුවාල වෙලා තිබුනා" යැයි මියගිය පුද්ගලයා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු පැවසීය.
යුදහමුදාවේ උසස් නිලධාරින් හා පොලිස් නිලධාරින් සිද්ධිය වු ස්ථානයට පැමිණ පරික්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිය. මහේස්ත්‍රාත් පරික්ෂණය අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතය තිබුණි.
අක්මිමන පොලීසිය පරික්ෂණ පවත්වයි.
ජිනේෂ් නානායක්කාර
popular news
Champa Thursday, 04 July 2019 03:15 PM
කණගාටුදායක සිදුවීමක්. වැරැද්ද විදුහල්පතිගේ. පහුගිය කාලේ පාසල් වල සිදුවීම් කීපයක් තිබ්බ. ආයුධ වෙඩි උණ්ඩ තව නොයෙකුත් දේවල් පාසල් ඇතුලට හෝ අවට දාල ගිහින්. යුධ හමුදාවෙන් දාල තියෙන්නේ ආරක්ෂාවට නම්, දෙමව්පියෝ ඒ අනුව වැඩ කරන්න එපෑය. එහෙම අවේලාවේ කවුරු හරි පාසැලට එනවා නම් විදුහල්පති දැන ගන්න ඕනේ ගේට්ටුවේ ආරක්ෂාවට ඉන්න හමුදා සෙබලව දැනුවත් කරන්න. මේ පුද්ගලයා ආවේ මොකොදට කියල හමුදා සෙබල දන්නේ නැහැ. හදිසියෙවත් මේ පුද්ගලයා බෝම්බයක් තියන්න ආව නම් ආරක්ෂාවට හිටිය සෙබලට තමන්ගේ රාජකාරිය හරියට කලේ නැහැ කියල දඬුවම් ලැබෙනවා. වහල් ආණ්ඩුව ඉස්කෝල ළඟ දෙමව්පියට මුරට ඉන්න ඕනේ නැහැ කියලත් කිව්ව එකේ, විදුහල්පති දැන ගන්න ඕනේ ගේට්ටුවේ ඉන්න හමුදා සෙබලාට දැනුම් දෙන්න මෙහෙම පුද්ගලයෙක් එනවා. එයාට ඇතුලට එන්න ඉඩ දෙන්න කියල. මේක හරියට අණ නොතකා ගිය වාහනයකට වෙඩි තිබ්බ වගේ වැඩක්.
Reply : 10 256
shan Thursday, 04 July 2019 04:32 PM
මේ සෙබලා කිසිම වරදක් කර නැහැ කාටවත් ඕනේ ඕනේ විදිහට වැඩ කරන්න බැහැ ඔහු නාවික හමුදාවේ උන්න කෙනෙක් නිසා නාවික හමුදා උෂ්ණය තිබෙන්න ඇති ඒක රාජකාරියට අදාලම නැහැ. එසේම පාසලේ විදුහල්පති හා ගුරවරයා විශාල වරදක් කර තිබෙනවා අවේලාවේ පාසලට එන්න කීම හා ඒ බව මුර සෙබලාට දැනුම් නොදීම පාසැල ආරක්ෂාවට හමුදාව යොදා ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සදහායි මේ පුත්ගලයාගේ කිසිම අනයතාවක් තහුරු නොකර බලෙන් යන්න ගිය නිසා මේ නිලදාරිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා ගේට්ටු දෙකක් අරගන බලෙන් යන කෙනෙක්ගේ කකුල් අල්ලා වදින්න හමුදා සෙබළෙකුට කිසිම අවශ්‍යතාවක් නැහැ අණට අකීකරුනම් වෙඩි තබා පාලනය කිරීම කිසිම වරදක් නැහැ මේ පුත්ගලය ත්‍රස්තවාදියෙක් උනානම් කිසි කෙනෙක් මේ සෙබලාට කිසිවක් කියන නැහැ වගේම මේ පුත්ගලය ත්‍රස්තවාදියෙක් වී මෙසේ කර පාලනය නොකලානම් එදාටත් වරද කරු වෙන්නේ මේ නිලදරියමයි වහාම නිලදාරිය නිදහස් කරන්න ගරු හමුදාපති තුමනි මේ සදහා වහාම මැදිහත්වන්න දෙමාපියන්ට වගකීම් හරියට කරන්න බැරිනම් වහාම හමුදාව පාසල් වලින් ඉවත් කර දෙමපියන්න්ට පාසැල රැක ගන්න කියන්න මන්දබුද්ධිකයන් හා අමනයන් නිසා හමුදාවට කැළලක් වන්න දෙන්න බැහැ
Reply : 213 0
shan Thursday, 04 July 2019 04:37 PM
me sebalata daduwam kaloth rate sivil janathawa washyen api dadi kriyamargayak gannawa demapiyqn me sebalage karya gana meeta wada hodin awaboda karaganna one
Reply : 307 0
wimal Thursday, 04 July 2019 09:29 PM
රටකට ගිහිපු කල .....
Reply : 0 0
Kumar Thursday, 04 July 2019 09:57 PM
කවුරු වුනත් එතන ආරක්ෂාවට ඉන්න සෙබලාගේ අණට කීකරු වෙන්න ඕනෙ. තමන්ගේ ලොකුකම පෙන්නන ගිහිල්ල මරණයට පත්වුණේ. මම ලංකාවේ ඉන්න කාලෙ රාජකාරියට යන අවස්ථාවල එම ස්ථානවල මුරට ඉන්න සෙබළුන්ට අපි පැමිණ හේතුව කියුවිට අපේ රාජකාරි හැදුනුම් පත් බලා ඇතුල්වෙන්න අවසරදෙනවා. එතන සෙබළුන් සිටින්නේ අපි සැමදෙනාගේම ආරක්ෂාවට බව හිත්තන්න ඕනෙ. එම අවස්ථාවේ පාසලට මරාගෙන මැරෙන ත්‍රස්ත වාදියෙක් ආවානම් මේ කතාව වෙනස්වෙන්න ඉඩතිබුණ
Reply : 56 0
sinnapora Friday, 05 July 2019 05:33 AM
මදය ප්‍රකාශක මේ විදියට ගිරවා වගේ ප්‍රකාශ දෙන එකට අපි එකග නැත. එතන වුනේ මොකක්ද කියල පළමුව හොයල බලන්න ඉනේ. සෙබලාට සුදු හුණු ගාපු එක සුදුසු නැත.
Reply : 1 86
එම්. ඒ.ජේ Friday, 05 July 2019 10:34 AM
මේ රටේ සියලුම දෙනා එක්ව මේ අපරාධය සාධාරණය කරනු ඇත. ඒ සඳහා නිතීය නමනවා පමණක් නොව, නිතිය මවනු ඇත. දැනටමත් වැරදිකරුවා වි ඇත්තේ මිය ගිය පුද්ගලයායි. බලය ඇති වුන්ට ඕනැම අපරාධයක් කර එය සාධාරණය කළ හැක. බලය නැති වුන් අවසානයේ එම (අ)සාධාරණය පිලි ගනු ඇත. අප ජීවිතවන රටේ මන්ද-බුද්ධිකයින්ගේ රජදහනක් හැර අන් දෙයක් නොවෙන මෙම අතිශය කණාගාටු දායක සිද්ධියෙන් පැහැදිලි නොවන්නේද?
Reply : 1 107
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd