අංගොඩ ලොක්කාගේ පිස්තෝල ගිනි අවියක් ගැන ඉන්දීය පොලීසිය විමර්ශන අරඹයි
ඉන්දියාවේදී විෂ ශරීර ගත කරමින් ඝාතනය කළ බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සන්තකයේ තිබූ බව කියන පිස්තෝලයක් සොයා ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පළාගිය අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් හි සැඟවී සිටියදී ඔහු මෙම පිස්තෝල ගිනි අවිය සිය සන්තකයේ තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි එම ඒකකය සඳහන් කර තිබේ.
අංගොඩ ලොක්කාගේ සිරුර ආදාහනය කිරීමට රැගෙන ගිය පැවැසෙන ඔහුගේ පෙම්වතිය වූ කොළඹ සිට ඉන්දියාවට අමානි ධන්ජි සහ මදුරෙයි හී නීතිඥවරියක් වන ශිවකාමි සුන්දරී මෙම පිස්තෝල ගිනි අවිය කොයිම්බතූර්හි සිටි අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් වන ශ්රී ලංකා ජාතිකයෙකුට ලබාදී ඇතියි වාර්තා වෙයි.
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ප්රදීප් සිං නැමැති නාමයෙන් පෙනී සිටි ඇති බවට මේ වන විටත් තොරතුරු වාර්තා වී තිබේ.
ඔහුගේ මිය යෑම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් හා ශ්රී ලංකා ජාතික කාන්තාවක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

