මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සම්බන්ධ අපරාධ කල්ලිය සතුව රුපියල් කෝටි 50කට අධික වත්කම් පවතින බවට අණාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
එසේම එම කල්ලිය බස්නාහිර පළාත තුළ පර්චස් 928ක ඉඩම් අත්පත්කරගෙන ඇති බවද ඔහු පැවැසීය. මේ පිළිබඳව පරීක්ෂණ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන බවත් මේ පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් 071 - 8592279 යන දුරකතන අංකය අමතා ලබාදිය හැකි බවද ජාලිය සේනාරත්න මහතා පැවැසීය.