ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා ඉන්දියාවේ ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොයිම්බතූර් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.
අංගොඩ ලොක්කාගේ පෙම්වතිය බව කියන අමානි ධංජි, මදුරෙයිහි පදිංචි සිවකාමි සුන්දරි සහ ඇයගේ සහායක තියානේශ්වරන් යන සැකකරුවන් මෙසේ රඳවා ගැනීමට අවසර දුන්නේය. සැකකරුවන් යළිත් අගෝස්තු 15 වන දින පස්වරු 2 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
බදාදා (12දා) නඩුව කැඳවූ අවස්ථාවේදි අධිකරණය මෙම නියෝගය කොයිම්බතූර් පොලීසිය වෙත ලබාදුන්නේය.
35 හැවරිදි අංගෝඩා ලොක්කා පසුගිය ජුලි මාසයේදී ඉන්දියාවේදී විෂ ශරීර ගත කර කරමින් ජීවිතක්ෂයට පත්කර ඇති බවට තොරතුරු වාර්තා විය. එහිදී ඔහු ප්‍රදීප් සිං නමින් හඳුන්වාදෙමින් ඔහුගේ සිරුර ආදාහනය කර ඇති බවට තොරතුරු වාර්තා විය.
නම් වෙනස් කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනා යටතේ ඉහත සැකකරුවන් තිදෙනා කොයිම්බතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ මරණය තහවුරු කර ගැනීම ඇඟිලි සළකුණු හා ඩී.එන්.ඒ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාවට යොමු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය මේ වන විටත් කටයුතු කර තිබේ.