ඉබෝලා වසංගතය පැතිරීම සමග මුහුණදුන් අභියෝග හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඇ.ඩො.මිලියන 100ක හදිසි අරමුදලක් ස්ථාපිත කළ බව එම සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසයි.
ජිනීවා හිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මාග්‍රට් චෑන් පවසා සිටියේ බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ඇති වූ ඉබෝලා වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට තම සංවිධානයට හැකි වූ බවයි.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඉබෝලා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට පෙර මුහුණ දුන් තත්ත්වයන් හා සැසඳීමේදී 10 ගුණයක ඉල්ලුමක් එම සංවිධානය වෙත ඇති කළ බවයි.
ඉබෝලා වසංගතය 2014 මාර්තු මාසයේදී ප්‍රථම වරට වාර්තා වූ අතර, ඉන් සිදුවූ ජීවිත හානි 11,000කට ආසන්නය.