ලෝක ආහාර සංවිධානය ( WFO) පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්රී ලංකා කටයුතු කොට තිබෙන බව ප්රංශ පුවත් සේවය (AFP) සඳහන් කරයි.
සුනාමියෙන් පසුව කරනු ලැබූ සමාජ ශුභ සාධන කටයුතු සඳහා සුඛෝපභෝගී වාහන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ලබාදීම පිළිබඳව මෙම පරීක්ෂණ පැවැත්වෙන බව එම පුවත්සේවයට අදහස් දක්වා ඇති නිලධාරියෙක් පවසා තිබේ.
ලෝක ආහාර සංවිධානය විනිස් ලබාදුන් ක්රීඩා මාදිලියේ එස්.යූ.වී. රථ දෙකෙන් එකකින් සිදුවූ බව කියන අනතුරක් පිළිබඳවද පොලීසිය පරීක්ෂණ කරමින් සිටියි.
මෙම වාහන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය සවිය සංවිධානයට ලබාදී ඇති අතර එම සංවිධානය හෝ පක්ෂය විසින් අදාළ රථ සඳහා වන බදු ගෙවා නැති බවට තොරතුරු වාර්තාවෙයි. වාහනයක වටිනාකමින් 350%ක පමණ අගයක් දක්වා මෙම වාහන සඳහා බදු අය කළ හැකි බව කියැවේ.
2005 වසරේදී මෙම වාහන ආනයනය කර තිබේ. අදාළ සිදුවීම් පිළිබඳව විමසීම සඳහා කොළඹ කාර්යාලය සිදුකොට නැති අතර බැංකොක් පිහිටා ඇති කලාපීය ආයතනය පවසා ඇත්තේ අදාළ වාහන ලබාදීමේ නියමිත ක්රියාපටිපාටි අායතනය විසින් සිදුකර තිබෙන බවයි.
වාහන සඳහා බදු ගෙවිය යුතුනම් එය එම වාහන ලබාදෙන පාර්ශ්ව විසින් ගෙවිය යුතු බව බැංකොක් ආයතය පවසා තිබේ.
ශ්රී ලංකාවට එවූ වාහන ලැබුණ බවට ලබන්නා විසින් සංවිධානය දැනුවත් කර තිබුණත් බදු ගෙවූ බවට එහි සඳහනක් නොවූ බව සංවිධානය සඳහන් කරයි.