වර්ජින් ඇට්ලාන්ටික් මගී ගුවන් යානයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය ගැට්වික් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වර්ජින් සමාගම පෙන්වා දෙන්නේ VS43 නමැති යානය ලාස්වේගාස් දක්වා ගමන් කරමින් පැවති බවයි.
ගැට්වික් ගුවන් තොටුපොළ වටා කිහිප වරක් කර කැවුණු යානය හදිසියේ ගොඩබස්වා ඇත්තේ එහි ගොඩබෑමේ පද්ධතිය ආශ්රිතව ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි.
බෝයිං 747 මාදිලියේ යානය ගොඩබැස්වීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ හදිසි සහන කණ්ඩායම් වහාම ඒ වෙත පැමිණ තිබේ.
කෙසේ වෙතත් මෙයින් යානයේ කිසිවෙකුටත් කරදරයක් නොමැති බවද වර්ජින් සමාගම පවසයි.