එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ප්රකාශ කර ඇත.
මෙහිදී ජනපතිවරයා ප්රකාශ කර ඇත්තේ අග්රාමාත්යවරයා එම ධුරයෙන් ඉවත්කිරීමට ඇති හැකියාව පිළිබඳව නීතිපති හා නීතිවිශාරදයින්ගේ උපදෙස් ගැනීමට කටයුතු කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වූවත් එහිදී කිසිඳු තනතුරක් බාර ගැනීමට ඔවුන් තීරණය කර නොමැත.