කැබිනට් සංශෝධනයට එජාපයෙන් එකඟතාවක්?
(UPDATE)
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයට පසුව සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව අද ට වාර්තාවේ. ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවස්ථාවේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද පැමිණෙන අවස්ථාවක අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම එම උත්සවයට නොගැළපෙන බව එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී තිබේ.
මේ මස 14 සහ 15 දිනයන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරය කිරීමට නියමිත අතර, අග්‍රමාත්‍යවරයා නැවත ලංකාවට පැමිණීමෙන් පසුව එනම් 17 වැනිදායින් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පැවසීය.
කෙසේවෙතත් ඊයේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැත. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ තොරතුරු ඊයේ රාත්‍රී 11 පමණ වනතුරු ලබාගැනීමට නොහැකිවිය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවක් අද (08දා) වෙන වෙනම පැවැත්වෙයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස රැස්විය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාව ජනපති නිල නිවසේදී රාත්රියේදී පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

