කැබිනට් සංශෝධනයෙන් පසුව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම රැස්වීම් ආරම්භ කර තිබේ.
ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති නිල නිවසේදී රැස්වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරියේදී රැස්වී තිබේ.