එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පකෂය යළි එකතු කිරීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මැදිහත්ව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
බෙදී වෙන්නොවී යහපාලන රජය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස එම රාජ්‍ය ත්‍රාන්තිකයන් උපදෙස් ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බටහිර ගැති පාලකයන් රටක සිටින විට මෙවැනි නියෝග පිළිගැනීමට සිදුවන බවයි.