අන්තර්ජාලය හරහා පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට මේ මස 23 වැනිදා සිට අවස්ථාව ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා සඳහන් කළේය.
ඒ සඳහා අන්තර්ජාල යෙදුමක් (app)එකක් හඳුන්වා දී තිබෙන බවත්, මෙම යෙදුම ස්මාට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් ලබාගෙන පක්ෂ සාමාජිකත්වය ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය.
අන්තර්ජාල යෙදුම හඳුන්වාදීම හා ඒ හරහා පක්ෂ සාමාජිකත්වය ලබාදීම මේ මස 23 වැනිදා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවද මහලේකම්වරයා කියා සිටියේය.