එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් ව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට එක්විය.
තම පක්ෂයට එක්වූ මහරුෆ් මහතාට පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පිරිනැමූ බව සමස්ත ලංකා මහජන කොංග්රස් නායක අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කින්නියාහි පැවති රැස්වීමකදී අනාවරණය කළේය.
“වෙන දිස්ත්‍රික්කවලට කැබිනට් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් හතර පහ දිලා තියනවා. නමුත් ත්‍රිකුණාමල ජනතාවට කුඩම්මාගේ සැලකිලි තියෙන්නේ. ඒ නිසා මම සමස්ත ලංකා මහජන කොංග්‍රසයට එක්වී ජාතික සංවිධායක ධුරය භාරගෙන යහපාලන රජයට සහාය දෙනවා." යැයි මහරුෆ් මහතා නව පක්ෂයට එක්වෙමින් පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා