එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පවත්වන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කිරීමේ පාර්ශ්ව මහනුවර හා අම්පාර ඇතිවූ සිදුවීම් පසුපස සිටින බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මහනුවර හා අම්පාර ඇතිවූ සිදුවීම් වලදී ඇතිවූ ප්‍රමාද දෝෂ පිළිබඳව පරීක්ෂණ බවත්වන බවත් එවැනි සිදුවිම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.
“ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජයේ අවියෝජනීය කොටසක් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන රටේ ප්‍රදේශ කිහිපයක මෑතදී සිදු වූ සිදුවීම් පිළිබඳව ජාතියක් වශයෙන් අපි වේදනාවට පත් වී සිටිමු. සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ පොදුදැක්මට විරුද්ධ එවැනි ක්‍රියාවලට ප්රජාතන්ත්රවාදී, බහුවිධ සමාජයක තැනක් නැත.මේ සිද්ධීන්වලට වගකිවයුත්තන්ට එරෙහිව රජය කඩිනම් පියවර රැගෙන ඇති අතර සිදුවන්නට ඇති යම් ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
යළි එවැනි සිදුවීම් ඇති නොවීම සඳහා දැඩි පියවර ගැනෙනු ඇත. වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ වී තිබේ. මෙම කවුන්සිලය සිය සැසිවාර පවත්වන සමයේදී අපගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කටයුතු කරන යම් පාර්ශ්ව මෙම සිදුවීම පිටුපස සිටි බව විශ්වාස කිරීමට අපට හේතු ඇත.”