රොහින්ග්‍යා සරණාගතයන් 31 දෙනෙකු රඳවා සිටි ගල්කිස්සේ ගොඩනැගිල්ල ඉදිරිපිට පෙරේදා (26දා) ඇති වූ සිදුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳව තම කාර්යාලය අවධානය යොමුකර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙන බව ද එහි සඳහන් වෙයි.
සරණාගතයන් ආරක්ෂා කර ගත යුතු බවත් ශ්‍රී ලංකා රජය සමග එක්ව එම සරණාගතයන්ට අවශ්‍ය දිගු කාලීන විසඳුමක් ලබා දෙන බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්ය.
අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිටට භික්ෂූන් වහන්සේලා පිරිසක් ගොස් විරෝධතාව දැක්වීමත් සමග සරණාගතයන් බූස්ස හමුදා කඳවුරට රැගෙන ගොස් ඇත.