UDA හරහා ගොඩනැගිලි අනුමත කර ගැනීම Online වෙයි
නාගරික සංවර්ධන අධිකාරිය පරිගණක ක්‍රමවේදය (Online)මගින් ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීමේ පහසුව අද (01දා) සිට ක්‍රියාත්මත කර තිබේ. මේ අනුව සියලුම ගොඩනැගිලි මේ ක්‍රමය හරහා අනුමත කරගැනීමට අවස්ථාව ඇති බව එම අධිකාරිය පවසයි.
“සියලුම පාරිභෝගිකයන්ට සහ සංවර්ධකයන්ට පරිගණකය හරහා (Online) තමන්ගේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීමේ පහසුව ලබාදෙනවා.
මේ අනුව ජුනි (01දා) සිට වර්ග අඩි 4,000 ට වඩා වැඩි ගොඩනැගිලි, එසේත් නැත්නම් තට්ටු 4 කට වඩා වැඩි ගොඩනැගිලි ඒ වගේම පර්චස් 40 කට වඩා වැඩියෙන් තිබෙන අනුබෙදීම් ආදිය සියලුම ආකාරයේ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය පෙබරවාරි මාසයේ සිට බලාත්මක කර තිබෙන සියලුම ආකාරයේ ගොඩනැගිලි අනුමත කරවාගැනීම මේ හරහා සිදු කරගත හැකියි.
මේ මගින් ගොඩනැගිලි අනුමත කරවා ගැනීමට තිබූ ප්‍රමාදය වළක්වා ගැනීම, ගොඩනැගිලි අනුමත කරගැනීමේදී සිදුවූ දූෂණ වළක්වා ගැනීම, ඒ වගේම පාරිභෝගිකයාට සහ සංවර්ධකයාට තමන්ගේ ගොඩනැගිලි අනුමත කරවා ගැනීමේ තත්ත්වය කුමක්ද කියන එක හඳුනාගැනීමටත් අවස්ථාව ලැබෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

