නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 381.4ක ඉඩමක් බදු ලබාදීමේදී රුපියල් මිලියන 2,798ක පාඩුවක් සිදුව තිබෙන බව දුෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
එම ඉඩමේ වසර 50ක බදු වටිනාකම රුපියල් මිලියන 6,695ක් වුවද එම ඉඩම බදු ලබාදීමේදී රුපියල් මිලියන 2,798ක් අඩුවෙන් බදු ලබාදී තිබෙන අතර, මේ නිසා මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (04දා) දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එම සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම ගනුදෙනුව සිදුකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකුට රුපියල් මිලියන 250ක කොමිස් මුදලක් ලැබී තිබෙන බවද තහවුරු වී තිබෙන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස පැමිණිලි කළ බවද එම සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහනා කළේය.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි මෙම ඉඩම දේශීය සමාගමක් විසින් බදුදී තිබෙන බවත්, එම ඉඩම මේ වනවිට වෙනත් පාර්ශ්වයකට බදු ලබාදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.