දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය එක්ව නව සන්ධානයක් බිහිකරමින් සූර්යයා ලකුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත්වල තරග කිරීමට කටයුතු යොදා ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (06දා) යාපනය, කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන්, සිවශක්ති ආනන්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.