උතුරේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් හා දේපළ නිදහස් කොට දීමට වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ඊට එරෙහිව නැගී සිටින බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ යාපනයේ වලිකාමම් නැගෙනහිර පළාතේදී වසර විසිහයකට පසුව රජයේ පාසල් දෙකක් ඊයේ (02දා) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත්කරණ ලද අධි ආරක්ෂිත කලාප වලට හසුවීම නිසා වලිකාමම් පළාතේ පිහිටි නඩේස්වරා මහා විද්‍යාලය සහ නඩේස්වරා කාන්තා විද්‍යාලය වසර 26 ක් මුළුල්ලේම පවත්වාගෙන යාමට නොහැකි වී තිබුණි.