බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හා බරපතල වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තා පිළිබඳව අද (06දා) පැවැති පාර්ලිමේන්තු විවාදයට දෙමළ ජාතික සන්ධානයේ සහභාගීත්වයක් නොවීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂවල මන්ත්රීවරු විවාදයට එක් වුවත් සාපෙක්ෂ ලෙස මන්ත්රීවරුන්ගේ අඩුවක් දක්නට ලැබිණ.