TNA තීරණාත්මක රැස්වීමක් යාපනයේදී
පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සමන්විත ‘ප්රජාතන්ත්රවාදී විමුක්තිකාමී සටන්කාමී පක්ෂය’ ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන ‘ඉලංගෙයි තමිල්අරුසකච්චි’ පක්ෂ සාමාජිකයින් ඇතුළු අනෙකුත් පක්ෂ සාමාජිකයන් අතර ඊයේ (03දා) සවස යාපනයේ පිහිටි ‘ඉලංගෙයි තමිල් අරසුකච්චි’ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ පුනරුත්තාපන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සමන්විත ‘ප්රජාතන්ත්රවාදී විමුක්තිකාමී සටන්කාමී’ පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානය සමග එකතුවීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින දෙකක කාලය තුළ නිශ්චිවම ප්‍රකාශ කරන බවත්, දැනටමත් ඔවුන් සමග සාකච්ඡාමය කටයුතු ආරම්භ කොට ඇති බවත්ය.
ඊට අමතරව ඊයේ පැවති සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ‘ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය’, ‘ප්ලෝට්’ සංවිධානය හා ‘ටෙලෝ’ සංවිධානය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ජා පැවත්වූ බවට මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


