ඉදිරි ජනපතිවණයේදී සිය සහාය කුමන අපෙක්ෂකයෙකු වෙනුවෙන් ලබාදෙන්නේදැයි යන්න මේ සම අවසනදී ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
එහි පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. යෝගේස්වරන් මේ දිනවන ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර තමිල්නාඩුවේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබෙන බව හින්දු පුවත් සේවය අද (14දා) වාර්තා කළේය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රකාශනය එළි දැක්වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.