මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ ජනතාව සහාය දක්වන්නේ කාටද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ඉදිරි පැය 48 ක කාලය ඇතුළත දැනුම්දීමට නියමිත බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්රීවරයා එසේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී දෙළ ජාතික සන්ධානය විසින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ක්රියාකාරිකයන් විසින් ඊයේ (21දා) වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවැත්වූ පැය පහක පමණ සාකඡාවකින් අනතුරුවය.
මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය දීමෙන් වැළකී නොසිට එක් අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදීමට උතුරේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම කීය.