උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (10දා) මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථානවල සංචාරයක නිරත වූහ.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂා කිරීමෙන් අනතුරුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂා කර හා අවසානයේදී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියෙකු බවයි.
අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ට මෙම ඉඩම නීත්‍යනුකූලව ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනුකොට තිබුනත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බැවින් තමන්වහන්සේ දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බවටයි.