නීති විරෝධී අයුරින් ළග තබාගෙන ඇති ගිනි අවි රජයට බාරදීමේ වැඩසටහන යටතේ එම අවි රජයට බාරදී මුදල් ලබාගැනිමට හැකියාවක් ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියයි.
ඒ අනුව T56 ගිනි අවියක් සඳහා රුපියල් 25,000ක්, පිස්තෝලයකට රුපියල් 10,000ක් හා ගල්කටස් ගිනි අවියක්/බඳින තුවක්කුවක්/පතොරොම් තුවක්කුවක් සඳහා 5,000ක් බැගින් එම ගිනි අවි රජයට බාරදීමෙන් ලබාගත හැකි බවද ඔහු කීවේය.