STF ලොක්කට වැඩ වරදියි
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති රන්ජිත් පෙරේරා මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
පෙරේදා (17දා) පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රන්ජිත් පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බළකායට පිටින් යන මාධ්‍ය වේදීන්නට සළකන ආකාරය දන්නා බවයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විවේචනය කරන අයුරින් ත්‍රිවිධ හමුදාව විවේචනය නොකිරීමට මාධ්‍යවේදීන් කටයුතු නොකරන්නේ එසේ කළහොත් ත්‍රිවිධ හමුදාව මාධ්‍යවේදීන්ගේ කකුල් කඩන බවට දන්නා නිසා යැයිද පැවැසීය.
මේ පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවැසුවේ මාධ්‍යයට දඩුවම් කිරීමට ශ්‍රී ලංකා පොලීසියට හෝ පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍යතාවක් නොමැති බවයි.
එසේම නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ ප්‍රකාශය පොදු ප්‍රකාශයක් ලෙස නොසලකන ලෙසත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මග පෙන්වීම අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

