දිවුලපිටිය, බලපාන හංදියේ බායිවත්ත අසළදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (23දා) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 33,35,39 යන වයස්හි පසුවන්නෝ වෙති.