රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප් උපරිමය 50%ක් දක්වා වැඩි වී අැත.සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීරණයකට අනුව සේවක වැටුප් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලැබී අැත.
2014 ගිවිසුමට අනුව සේවකයින්ගේ දල වැටුප සියයට 21 ත් සියයට 26 ත් අතර පරාසයකින් ඉහළ යන අතර මෙවර ගිවිසුමට අනුව සියයට 40-50 අතර පරාසයකින් දල වැටුප් වැඩිවන බව අමාත්‍යවරයා පැවැසීය.
2017.07.01 දින සිට මේ දක්වා හිග වැටුප් ද ලැබෙන බවත් මේ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 55 කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41 කින් ද වැඩි වෙයි.
ඖෂධ සංස්ථා සේවකයින් වෙත ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධවල උසස් බව සහ ආරක්ෂිත බව සහතික කිරීම වෙනුවෙන් වෙන දීමනාව ද රුපියල් 12,000 කින් වැඩිවීමට නියමිතය.