කාන්තාවන්ගේ ජංගමදුරකථන වලට කෙටි පණිවුඩ මගින් අසභ්‍ය වචන යොදා ඔවුන්ට ලිංගික අතවර සිදුකළපුද්ගලයෙකු මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ කෙටි පණිවුඩ ලැබුණ කාන්තාවක් මහව පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව කරනු ලැබූ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වයසැති වැල්ගාල, මිනුවන්ගැටේ පදිංචිකරුවෙකි.