Smart ID අද සිට
නව ජාතික හැඳුනුම්පත අද (27දා) දින සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. නවීන තාක්ෂණයෙන් යුතු සුහුරු කාඩ්පතක (smart card) පතකින් සමන්විත මෙහි ජාතික හැඳුනුම්පත් අංකය අංක 12කින් සමන්විතය.
ඊට අමතරව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින් මෙන්ම යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේත (Barcode) ක්‍රමයකින්ද මෙය සමන්වින වේ.
මෙහිදී නම, උපන් ස්ථානය, ලිපිනය හා ස්ත්‍රී පුරුෂභාවය යන තොරතුරු භාෂා තුනෙන්ම මුද්‍රිතව දක්වා ඇති අතර එමෙන්ම හැඳුනුම්පත් ලාභියාගේ අත්සන තම හැඳුනුම්පතට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
කාඩ්පත හඳුන්වාදීමත් සමගම මෙතෙක් පැවැති හැඳුනුම්පත අවලංගු නොවන බවත් අද සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කරන ඉල්ලුම්පත් සඳහා පමණක් මෙම සුහුරු කාඩ්පත ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

