ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පවතින සාමාජික පුරප්පාඩු 04 සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන නිලවරණය කඩා කප්පල් කර දැමීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව එන්.ජී.ඕ. සංවිධාන නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංයුතිය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (02 දා ) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම කුමන්ත්‍රණ හරහා රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට තිබෙනා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනතරට පත්වන බවද හෙතෙම පවසා සිටියේය.