ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු නැවත ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මහ මැතිවරණයට සන්ධාන ගතව තිබෙන පක්ෂ හා එක්ව පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම ඉලක්කය බවත් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
විවිධ ප්රතිගාමී බලවේග විසින් මෙම වැඩපිළිවෙල දුර්වල කිරීමට කටයුතු කරන බවත්, ප්රගතිශීලී බලවේග ඒකාරාශී කරගෙන සන්ධානයක් ලෙස ඉදිරියට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන දේශපාලන රැස්වීම් සඳහා පක්ෂයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට සහභාගීවීමද තහනම් කර තිබේ.
එසේම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම තහනම් කර තිබෙන අතර, පක්ෂය මගින් සංවිධානය කරන ප්රවෘත්තිසාකච්ඡාවන්ට සහභාගීවීමට ඔවුන්ට අවස්ථාව සලසා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.