ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කිරුළපනදී පවත්වන මැයි රැළිය සඳහා සහභාගිවන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කළ ආරාධනාව ඔහු විසින් බාරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
ඊයේ (15දා) සවස තංගල්ල කාල්ටන් නිවසට පැමිණි මන්ත්‍රීවරුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් පසු පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි රැළිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.