පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාළගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේය.
ඊට අදාළ චෙක්පත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ප්රදානය කෙරිණි.අනතුරුව එම චෙක්පත ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට වෙත බාරදෙනු ලැබීය.
මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද සමරසිංහ, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් එක්ව සිටියහ.