ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූවද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය ප්‍රමාද වන බවක් දක්නට ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ඊයේ (27දා) බොරැල්ල එන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.