නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී එයට ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඇතුළත් කොකරන බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංක නිදහස් පක්ෂ මැති ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පවසති. කෙසේ වෙතත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කළ පසු අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යන බවයි.
"යෝජිත ව්‍යවස්ථාව සම්පාදනය කළ පසු රජය විසින් ජනමත විචාරණයකට යොමු කරනවා. ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්ථාවකින් රටට වැඩක් නෑ. නව ව්‍යවස්ථාව සකස් කළ පසු අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යනවා. ඇයි බය වෙන්නේ. නව ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් රටේ අතිබහුතරයේ සහයෝගය ලැබෙන බව රජයට විශ්වාසයි."