SLFP නව සංවිධායකවරු 20ක් පත්කෙරෙති
- 2 12 2017
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
ඒ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපති කටයුතු කර තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදි පිළිගැන්විණි.
සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළ ක්රියාකාරී සාමාජිකයෙකි.
මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති සිය පත්විම් ලිපි ලබා ගත්හ.
නුවරඑළිය ආසන සම සංවිධායක - රොෂාන් ගුණවර්ධන මහතා
මහනුවර දිස්ත්රික්කය - සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා
ගම්පහ දිස්ත්රික්ය - ප්රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක දිසානායක මහතා
කොළඹ දිස්ත්රික්කය - චන්ද්රිකා ද සොයිසා මහත්මිය
ගාල්ල දිස්ත්රික්කය - අසාම් හමාඩ් මහතා
අනුරාධපුර දිස්ත්රික්කය - එම්.ආර්.බී. ඥානතිලක මහතා
පුත්තලම දිස්ත්රික්කය - මල්පිනී විතාරණ මහත්මිය
ගාල්ල දිස්ත්රික්කය - පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය
නින්දවූර් ප්රාදේශීය සභා බල ප්රදේශය - වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා
රත්නපුර දිස්ත්රික්කය - සමන් ඉන්දික මානවගේ මහතා/කේ.එම්.එස්.එස්. රත්නායක මහතා
දිගාමඩුල්ල දිස්ත්රික්කය - එම්.එච්.එම් සහීල් මහතා
දිගාමඩුල්ල දිස්ත්රික්කයේ කාර්තිව් ප්රාදේශීය සභා බල ප්රදේශයේ මුස්ලිම් ජන ප්රදේශය - අබ්දුල් මජීඩ් ජාහීර් මහතා
දිගාමඩුල්ල දිස්ත්රික්කය - තිරුක්කෝවිල් ප්රාදේශිය සභා බල ප්රදේශය - එස්.විග්නේෂ්වරන් මහතා
මඩකලපුව දිස්ත්රික්කය - එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා
මහනුවර දිස්ත්රික්කය - අලගර් සෙල්වකුමාරන් මහතා
රත්නපුර දිස්ත්රික්කය - නිමල් ගාමිණී වීරසිංහ මහතා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


