ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායකවරයා ලෙස සුනෙත් නිලංග හෙන්දවිතාරණ මහතා පත් කෙරේ.
ඒ මහතා අද (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
අවස්ථා තුනකදී දකුණු පළාත් සභාව නියෝජනය කර ඇති හෙන්දවිතාරණ මහතා මින් පෙරද ශ්රී ලංකා නිදහස් පක්ෂ දෙවිනුවර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු හිටපු සෙනෙට් මන්ත්රි දිවංගත ඩික්සන් සිල්වා හෙන්දවිතාරණ මහතාගේ පුත්රයා වෙයි.