ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය තමන් ඇතුළු පිරිසට නැවත පැමිණීමට සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත්, මහින්ද රාජපක්ෂ මහතා අසල සිට කෑගසන පිරිස්වලට වඩා තමන් එතුමා දිනවීමට විශාල කැපවීමක් සිදුකළ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, නිකවැරටිය ප්‍ර‘දේශයේ පැවැති ජන හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අම්මලාට විරුද්ධව දූලා මේක කඩාගෙන ගියා. අක්කලාට විරුද්ධව මල්ලිලා මේක කඩාගෙන ගියා. නමුත් අන්තිමට ඒ සියලු දෙනාටම මට වගේම ආපහු එන්න වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.
අද ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සාක්කුවේ ඉඳගෙන කෑගහන අයට වඩා අපි එතුමාව දිනවන්න විශාල කැපවීම් කළා.උගුර ලේ රහ එනතුරු පැය 24 පුරාම දේශපාලන වේදිකාවල කෑගැහුවා. ජනතාවට දෙන්න පුළුවන් හැමදේම දුන්නා. ඒත් අපි පරාද වුණා. ඒ ඇයි කියලා අදටත් කවුරුත් හොයන්නේ නෑ. මේ රටේ අවුරුදු 30ක් තිබුණ යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතායි.
එක දවසින් රැකියා 50000ක් උපාධිධාරීන්ට දුන්නා. යතුරුපැදි 7000ක් රජයේ සේවකයන්ට බෙදාදෙනවිට මම ඒකේ පෙට්‍රල් ටැංකියේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ඇලෙව්වා. එදාම එළියට යනවිට ඒක ගැලෙව්වා. පරාද වෙන්න කොතැනක හෝ වැරැද්දක් තිබුණා" යැයි පැවසීය.
නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා
නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා