මේ වසරේදී පවත්වන නිලවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිකමින් තමන් ඉවත් වී ගමකින් එන තරුණයෙකුට එය ලබාදෙන බව එහි වත්මන් සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේදී අද (18දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
තරුණ පෙරමුණේ දැනට දරන තනතුරු සියල්ල වෙනස්වීමට ඉඩ තිබෙන බවත්, තරුණ පෙරමුණේ නිලවරණයට සමගාමීව ආසන මට්ටමින් බලමණ්ඩල පිහිටුවාගෙන යන බවත් ඔහු පැවසීය.
වයස අවුරුදු 35 ට අඩු සියලු පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් තරුණ පෙරමුණේ සාමාජිකත්වයට නිල වශයෙන් පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.