සංවිධායක ධුර අහිමි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්න
11.59 A.M.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 40 දෙනෙකු පත්කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කටයුතු කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුටම සිය ධුර අහිමිවී තිබේ.
ඒ අනුව කැස්බෑව - ගාමිණී ලොකුගේ, කළුතර - රෝහිත අබේගුණවර්ධන, වැලිගම- මහින්ද යාපා අබේවර්ධන, කුණ්ඩසාලේ කෙහෙළිය රඹුක්වැල්ල, වලපනේ - සී.බී. රත්නායක, ඇහැළියගොඩ - පවිත්‍රා වන්නිආරච්චි යන ආසන සංවිධයකවරුන්ට සිය ආසන සංවිධායක ධුර අහිමි වී තිබේ.
බෙලිඅත්ත ආසන සංවිධායක ලෙස එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නොහොත් පිස්තෝල නගරාධිපති ලෙසින් හැදින්වෙන හම්බන්තොට හිටපු නගරාධිපති පත්කොට තිබේ.
ඊට අමතරවව කොකිලා ගුණවර්ධන (මිරිගම), සරත් කුමාර ගුණරත්න (මීගමුව), උපේක්ෂා ස්වර්ණමාලි (දිවුලපිටිය), ජගත් බාලසූරිය (කෑගල්ල), උදිත ලොකුබණ්ඩාර (හපුතලේ) යන අයගේ ආසන සංවිධායක ධුරද අහමිව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 40 දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. මෙම නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති නිල නිවසේදී සිදු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නව ආසන සංවිධායකවරු 40 දෙනෙකු සඳහා පත් වීම් ලිපි ප්රදානය කෙරෙන අතර, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු ලෙස විදුර බාලසූරිය මහතා පත් කළ බවත් ඒ මහතාට පත්වීම් ලිපිය ලැබී ඇති බවත් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



