SLFP ඇමතිවරු ඒකාබද්ධය සමග සාකච්චාවකලු
ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු අගෝස්තු 21 වැනිදායින් පසු ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති, රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිති සෙයිසා මහතා පවසයි.
එසේම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විටින්විට ඒකාබද්ධ විපක්ෂය සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡා කරන බවත් රංජිත් ද සොයිසා මහතා අද (22දා) 'අද'ට පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ උපසභාපතිවරයා,
"වර්තමාන රජයේ යහපාලන ආණ්ඩුව කාලසීමාව වසර දෙකහමාරක් වී තිබෙන මොහොතක යූ.එන්.පී.ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව වසර දෙකක් ඉක්මවා තිබෙනවා. ඒ අගෝස්තු 21 වැනිදාටයි. මෙම ගිවිසුම නැවත අත්සන් කරනවාද ඉන් ඉවත් වනවාද යන්න පිළිබඳව ආණ්ඩුව ඇතුළෙ සාකච්ඡා වෙමින් පවතිනවා.
අවබෝධතා ගිවිසුමේ තවදුරටත් දීර්ඝ නොකළ යුතුයි, ඉන් ඉවත් විය යුතුයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දැඩි ස්ථාවරයක සිටිනවා. මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ මැති ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කරලා පොදු ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරපු පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්ය රැකගැනීමේ පියවරක් ගනී කියන විශ්වාසය තියෙනවා. ඒ පියවර අනුව රජයෙන් ඉවත්වෙලා ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කරන්න නියමිතයි" යැයි පැවසීය.
බලංගොඩ රෝහණ වසන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

