ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු පිරිසක් ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ජනපතිවරයා සඳහන් කර තිබුණේ මසක කාලයක් ආණ්ඩුව තුළ සිටිමින් කටයුතු කරන ලෙසයි.
මේ අතර අද පැවැත්වූ කැබිනට් හමුවටද නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව නොසිටි බව වාර්තා වෙයි.