SLFP 65 සංවත්සරයට මහින්දට ආරාධනා
- 11 08 2016
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටිනශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන බවත්, මේ නිසා සියලුම බෙදීම් අවසන් කර සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආරාධනා කරන බවත් අද (11දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
ජෝන් සෙනෙවිරත්න මහතාවැඩිදුරටත් සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට ආණ්ඩුව විවේචනය කළ හැකි වුවද, පක්ෂය හා පක්ෂ නායකත්වය විවේචනය කළ නොහැකි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
