එළඹෙන ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
පක්ෂයේ කාන්තා හා තරුණ සමිතිවල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍රබල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ, සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේදී අද (10දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නෙ මේ එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප. සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියෙනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුණ නිසා අපි ලැබූ විශාල ජයග්‍රහණ තියෙනවා" යැයි පවසා සිටියේය.