SLFP තවත් අයට පක්ෂ සාමාජිකත්වය අහිමිවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා පක්ෂය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි 'අද' ට වාර්තාවේ.
පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය සමයේ පක්ෂය හා පක්ෂ නායකත්වය තදින් විවේචනයට ලක්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙමින් පවතින බවයි.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන් විසින් පසුගිය සමයේ මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශ ඇතුළත් මාධ්‍ය වාර්තා එකතුකිරීමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය මගින් ආරම්භ කර ඇති බව පැවසෙයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වයද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පසුගියදා අත්හිටුවනු ලැබුවේ පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

