ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව හෙට (28දා) රැස්වීමට නියමිතය. පක්ෂය ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉදිරි වසරක කාලයක් තුළ පක්ෂය විසින් සිදුකරන වැඩකටයුතු පිළිබඳව තීන්දු තීරණ කිහිපයක් හා ඉදිරි පළාත් පාලන ආයතනය ජයග්රහණය කිරීමට සිදු කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිතය.